Moving to a new home
February 10, 2011
Yes. I have moved my blog in to my own domain.
And I divided it in to two categories. One for rant. And I started a new blog to write down my technical experience. I have no idea it will be worth or not. Because of most of people ‘s ideas, I had to do so.
You can reach me from here.
My blog about rant is here.
My blog about technical stuff is here.
And my photo-stream is here.
Thank you very much for staying with me.
P.S.
People who got notification from Email subscription and from feeds, sorry to say that you have to do that again in those blogs also. (if you like
)
A/L වලින් පස්සේ ආයෙත් වලියක
February 4, 2011
ඊයෙ රෑ shift එක ඉවර වෙලා එද්දි අපේ team leader කාරයටත් අපිත් එක්ක එන්න ඕන කියල ඌ එනකම් පොඩ්ඩක් ඉන්න කියල කිවුවා. මෙහේ උන්ට කැමති උන් managing level එකේ කෙනෙක් විදිහට ජීවත් වෙන්නෙ වැඩ කරන වෙලාවට විතරයි. ඊට පස්සේ උන් නිකම්ම මිනිහෙක් විතරයි. නැත්නම් අපි වගේ junior එවුන් එක්ක කතා කර කර යන්න එන්නෙ නෑනෙ.
බස් එකේදි උගේ දා හතර වෙනි girl friend ගැනයි අනිත් එවුන් එක්ක කරපු ඒවයි ඔක්කොම කියවන්න පටන් ගත්ත. ඔය ඔක්කොම අපිට ඉස්සරහින් ඉදපු එකෙක් අහගෙන ඉඳල. ඒත් කරන්න දෙයක් නෑනෙ. ඕන දෙයක් කතා කරන්න පුළුවන්නෙ. අර කතා කිරීමේ නිදහස ද මොකක්ද කියන්නෙ
. හැබැයි ඔය කතා කරපු දේවල් ලංකාවෙ බස් එකක කතා කරානම් අනිත් මිනිස්සු අපිට ගහල බස්සල. ඒත් අර මෑන්ට ඒවට තද වෙලා. අපේ team leader කාරයගෙන් ගේම ඉල්ලුව. අපේ එකත් second වෙන්නෙ නෑ. එත් අපි තුන් දෙනා පැනල දෙන්නව දෙපැත්තකට ඇදල දාල cool down කරා. හිටියෙ මමයි, ඩොනයි, පොල් බබයි. මුන් දෙන්නම මෙහෙ සුද්දො දෙන්නෙක්. අපේ කාරය ඇගේ size එකෙන්නම් අරූට වැඩිය පොඩියි. දැන් මුන් දෙන්න හොදටම බැණ ගන්නව හොදටම. බැරිම තැන driver බස් එක නවත්තල අපි දෙගොල්ලගෙන් කාට හරි බැහැල යන්න කිවුව. අපි කිවුව අපි බහින්නම් කියල අපේ එකත් ඇදගෙන බැස්සා. මොකෝ අපි බහින තැනට තව තිබුනෙ 1km විතර. අපි බහිනව කිවුවට පස්සෙ අරූටත් බහින්න ඕන කිවුවා. එත් අනිත් මිනිස්සු ඌට බහින්න නොදී තියාගත්තා. අපි ටික දුරක් ඇවිදගෙන යද්දි අරූත් ඉස්සරහ halt එකෙන් බැහැල දුවගෙන එනවා අපේ එකාට ගහන්න. ඒක දැකපු අපේ එකත් දුවගෙන යනව ගහගන්න. ඕන එකක් කියලා අපිත් උන්ට ගහගන්න දුන්න. එත් අරූගෙ අතේ තිබ්බ යතුරකින් ගහපු පාරක් අපේ team leader කාරයගෙ මූණට වැදිලා ඌ මූණ අල්ලගෙන බිම වැටුනා. ඊට පස්සෙ අපේ එකාට බිම දාගෙන ගහනවා. බලන් ඉන්න බෑනෙ. අපි පැනපු ගමන් හොදටම නෙලන්න පටන් ගත්තා. පාරෙ යන set එකක් ඇවිල්ලා අපිව ඇදලා දානකම්ම ගැහුවා. අරූගෙ ඔළුව පැලිලා. මූණ ඉදිමිලා ලේ එනවා. අපි අපේ එකාවත් ඇදගෙන ඉක්මණට එතනින් මාරු උනා.
ප්‍රශ්නෙ පටන් ගන්නෙ දැන්. හදිස්සියෙවත් අරූ පොලිසියෙ complain එකක්වත් දැම්මොත් අපි ඉවරයි. මොකෝ වුන ඔක්කොම දේවල් CCTVවල record වෙලා තියෙනවනෙ. බස් එකේ කොහොමත් record වෙනවා. බලමු team leader කාරය කිවුවා මොනව හරි උනොත් ඌ ඒවා බලාගන්නම් කියලා. ඌ එහෙම කිවුවට පොලිසියෙන් අපිව අරන් ගියොත් මොනව කරන්නද? කොහොමද මෙහේ පොලිසියක ඉන්නකොට දැනෙන සැප.
පොඩි මෑන්ගෙන් msg එකක්
January 31, 2011
අන්න උඹට අම්මා online එන්න කිවුවා. උඹට online එන්න කිවුවෙ උඹේ ලස්සන මූණ බලන්නවත් අර කොරවක්කෙක් කෑ ගහනව වගෙ ලස්සන හඩ අහන්නවත් නෙමේ. අම්මා කිවුව දවස් ගානකින් කතා කරේ නෑ පාලුයි වගේ කියල. මටනම් එහෙම කිසි පාලුවක් නෑ. තමුසෙ මෙහෙන් චුත උනාට පස්සෙ මම නම් මාර ආතල් එකේ ඉන්නෙ. මම උඹේ කාමරෙත් මගේ කරගෙන ඉන්නෙ.
අහ් කියන්න බැරි උනානෙ, මම උඹේ පරණ දඩු මොණරේ modify කරගෙන යනවා. දැනට handle එක පහත් කරල silencer දාල engine එක tune කරල තියෙන්නෙ. එත් තවම kick start එකේදි silencer එකෙන් ගිනි පිටවෙන ගානට ගන්න බැරි උනා. තමුසෙ කීයක් හරි මගෙ හාල්පොතට දානවකො. මම දැන් රිම් එකෙන් යන්නෙ. තාත්තත් කැමති නෑ නෙ bike එක modify කරනවට. ඒක නිසා ඉස්සර වගෙ මට මහ බැංකුවෙන් අනුමත වෙන්න්නෙත් නෑ. තමුසෙ ගානක් දුන්නොත් මම තමුසෙ ආවම town එකට රවුමක් දාන්න දෙන්නම්. එතකොටවත් කෙල්ලෙක් බලාගත්ත හැකිනෙ නෝන්ඩි නැතුව. කොහොමද harley davidson වගේ එකකින් යද්දී. එහෙනම් ලොකු අයියේ පරිස්සමින් ඉඳහන්.
අරාබිය
January 24, 2011
හොඳට වෙලාව අරගෙන කරල තියෙනවා. කාලෙකින් අහපු හොඳ album එකක්. එක දිගට දෙතුන් වතාවක් ඇහුවා. music, lyrics සුපිරියටම තියෙනවා. lyrics උපරිමයි.
ඇත්තටම කිව්වොත් ඒකෙ ඇතුලෙ ඉන්නවා වගේ තේරුණා. මාත් එක්ක ඉඳපු සෙට් එක මතක් උනා. උඹල මේක ඇහුවනම් උඹලට හිතේවි මේ album එක ගහල තියෙන්නේ අපේ experience අරගෙනද කියලා. එකම අදහස්. ඒතරමට මේකෙ තියෙන වචන සෙට් එක අපි පාවිච්චි කරපු සෙට් එකමයි තියෙන්නේ. මට පස්සෙ හිතුනා සමහරවිට මේ ලෝකෙ හැමෝටම වෙන්නෙ අපිට වුන දේවල්මද කියලා. මම හිතාගෙන හිටියෙ ගොඩ කාලෙකට ලංකාවට එන්නෙ නෑ කියලා. අද හිතා ගත්ත පුළුවන් තරම් ඉක්මණට උඹලව බලන්න එනව කියලා. පුළුවන් තරම් ඉක්මණට.
ඔන මඟුලක් යැයි කියලා,
හෙන ගහපන් කියලා,
ඔබ මා මග හරිනවා,
හැගුමන් පනස් අටක මා ගිලිලා,
තවත් කෙනෙක්, දුටුවම ඇය වෙනකෙකු සමග
අපි මේ ගයනා ගීතයම උඹත් ගයයි හෙට,
අනිත් එක උඹට ඔය ඇසුයි කණුයි නහයවලුයි හිතේ දැවටුණා කිවුවට මටනම් කිසිම දෙයක් දැවටුණේ නෑ
පට්ටම වචන සෙට් එක.
මට album එකේ සිංදු තිබුණ පිළිවෙල හොයා ගන්න බැරි උණා. ඒත් මම සිංදු ටික මෙතන දාන්නම්.
අරාබිය
බොළද නිසා
දෙවැනිද මගෙ ආදරේ
රෑ පුරා
තවත් කෙනෙක්
යන්න යන්න
යෞවනයේ හැගුමන්
කිවුවා බොරුවක්
ප්‍රාර්ථනා
රෑක
මා හා
Cheers Daddy. Keep it up guys.
මතට තිත
January 22, 2011
මේක මතට තිත ද කොමාව ද කියලනම් දන්නේ නෑ. ඒත් මේක තිත කරගන්න තමයි ඕන උනේ. ගොඩක් කාලෙක ඉඳල කරන්න ඕන වෙලා තිබ්බෙ. ඒත් කරගන්න බැරි උනා. ඒක බැරිකමද උවමනාවක් නැතිකමද දන්නෑ. මොනව උනත් ඔන්න තිත තිබ්බ.
මේක කියපු ගමන් ඔක්කොම ඇහුවේ ඇයි කවුරු හරි කෙල්ලෙක්වත් කිවුවද කියලා. උන්ට කිවුවෙ කෙල්ලෙක් හින්දා බොන එකවත්, බීම නවත්තනව කියන එකවත් තරම් මෝඩකමක් නෑ. අනික මාත් එක්ක ඉඳපු උන් දන්නව අපි මොනවද කරේ කියලා. අපි අර කපුගේ කියන විදිහට නුරා විරහ ගිනි නිවා දමන්න බීපු එවුන් නෙමේ. ගොඩක්ම හේතුව උනේ, පහුගිය post ටිකේම ලියවිලාම තිබුනෙ බීම ගැනමයි. ඉතින් මගේ වෙලාවටම ඔය ටික අක්ක කියවල තිබුණ. අක්ක ඇහුවේ “තමුසේ බීලා අක්මාව දියකරගෙන මැරෙන්නද හදන්නේ” කියලා. අපේ set එක අතරේ කියන කතාවක් තමයි අපි හිතන්නේ අක්මාවෙන් කියන එක. ඉතින් මං බය උනා අක්මාව දිය උනොත් හිතන්න බැරි වෙයි කියලා.
අනික මගේ අදහස තමයි කෙනෙක් මතු පිටින් ආස්‍රය කරනවට වැඩිය ඌත් එක්ක ළගින් ඉදල ඌව තේරුම ගන්න පුළුවන් කියන එක. තේරෙන සින්හලෙන් කියනවනම් මම ගොඩක් වළවල් වලට බැස්සා. ඒත් මම වළෙන් ගොඩට එන්න එක කඹයක් විතරක් තියාගෙන බැස්සෙ නෑ. මොකෝ මම දැනගෙන හිටියා ඔය කඹේ කපන්න තව දාහක් දෙනා බලාගෙන ඉන්නව කියලා. ඒක නිසා වළකට බහිනවනම් අනිවාර්යයෙන්ම එක කඹයක් විතරක් තියාගෙන බහින්න හදන්න එපා.
මේක බොන එක හරි නොබොන එක සාධාරණීය කරනව නෙමේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ බිවුවොත් ජීවත් වෙලා ඉන්න තියෙන කාලය අඩු වෙනව කියලා. මම නම් ඒක දන්නේ නෑ. එත් මගේ අදහස මේකයි. අපි පාරෙ යද්දි වාහනවලින් අනතුරක් වෙනව කියලා වාහන පදවන එක නවත්තන්නෙවත් පාරේ යන එක නවත්තන්නෙවත් නෑනෙ.
අර ඉස්සර කවුද කියලා තිබුනනෙ
සුරාවේ අගයත්
එහි ඇති මනා ගුණයත්
බොන උතුමෝ මිසක්
නොබොන *** එවුන් නොදනිත් කියලා.
අනික මේකනම් කවුරු කිවුවත් සහතික ඇත්ත. Perfect boyfriend doesn’t drink, doesn’t smoke, doesn’t cheat on his girlfriend… and doesn’t exist .
දැන් ඔන්න මම මේකෙන් බොන්න උල්පන්දම් දෙනවා කියලා තේරුම් ගන්න එපා. මම කවදාවත් බොන එක හොදයි, බොන්නෙ නැති එක හොදයි කියල කියන්නෙ නෑ. මම නම් කියන්නේ live in your own world කියලා.
Logic නම් එපා
January 19, 2011
අදනම් හොදම chain එකක් පන්න ගත්ත. අද දවසෙන් ගන්න පුළුවන් ලොකුම දේ තමයි තවත් ජීවිතේට යන්තම් හරි logic කරපු එවුන් එක්ක සෙට් වෙන එක නවත්තන එක. ඉවරයි. ආතල් එකේ memory lost status එකක ඉන්න පුළුවන් වෙලාව එකෙක් හින්දා නාස්ති උනා. උගේ එක ප්‍රශ්ණයක් හින්දා. බෝතල් තුනක් ඉවර කරන්න උනා හරි උත්තරයක් හොයාගන්න. ඇති යන්තම් හොයාගත්ත. නැත්නම් අපි තාම කල්පනා කරනව හිතනවා.
උගේ වචන වලින් කියනවනම් මේකයි scene එක. ඔන්න logic වලින් පරතෙරටම ගියපු එකෙක් කැළයක අතරමං උනා ලු. (ලු කියල දැම්මේ කතාව කිවුවෙ ඌ නිසා. ඔහොම එවුන් අතරමං නෙමේ වෙන්න ඕන.)
ඉතින් පාර හොයාගෙන යද්දි දෙපැත්තකට යන පාරවල් දෙකක් තියෙනව ලු. එකක් හරි එක ලු. අනික වැරදි එක ලු. ඔතන දෙන්නෙක් ඉන්නව ලු. එක්කෙනෙක් ඇත්ත කියන කෙනෙක් ලු අනිකා බොරු කියන කෙනෙක් ලු. එත් එතන එකම වෙලාවට ඉන්නෙ එක්කෙනෙක් ලු. ඒ කියන්නෙ එතන ඉන්නෙ එක්කෝ ඇත්ත කියන කෙනා නැත්නම් බොරු කියන කෙනා. හැබැයි එතන කවුරුත් නැති වෙලාවක් නෑ ලු. දෙන්නගෙන් කවුරු හරි අනිවාර්යයෙන්ම ඉන්නව ලු.
ඉතින් අර logic කාරය ඔතනට ඇවිල්ල පාර අහලා. අහලා තියෙන්නේ එක ප්‍රශ්නයක් විතරක් අහල ලු. ඒකෙන් හරි පාර හොයගෙන. (දැන් හිතන්න එපා ඔය ඔක්කොම කියලා logic කාරයගෙ නම මොකක්ද කියල අහයි කියලා.)
දැන් ප්‍රශ්ණෙ තමයි අර logic කාරය පාර හොයාගන්න අහපු ප්‍රශ්ණෙ මොකක්ද කියලා?
මේක logic කරපු එවුන්ටනම් simple එකක්. දැන් logic එවුන් මාත් එක්ක අවුල් ගන්න එපා මෙහෙම කිවුවට. හඳට හූවක දුරකින් හිටියේ. මාරම අමාරුයි මේක type කරලා.
Errrrr
January 17, 2011
Knock out for two days. I knew it by after one day. Dona came and try to getup me. I remember only that. Until that I can’t remember any thing. Even what is the time? I wake up and ask for time. He said time near 5.30 . He knew that I have to go for work. I didn’t try to get the time. Had a wash and ready to go. When I look for time, time is near 6. I felt as getting late. Ran to the halt. Had to run more than 1km. And on the way I thought to make a call to the manager that I’m getting late and said sorry. He said me “What are you talking dileepa? What are you doing in the night? You have to come to work on tomorrow morning? ”……. Fuck …. I looked for time. Yes time is 6.05. But pm not am. In here we can’t guess is this morning or evening. Because of the mist and dark.
What to do except go back home. Dona I !@#$ you. All the fuckers bite me. They all had fun. And they all made some calls, chats to my friends also. I switched off my phone. Errrrr… Fuckers… Definitely I will give you the return. No words to say.
උඹලගේ අ!@#$%^&*()_+
කකුළුවෙක්ගෙන් ආදර්ශයක්
January 10, 2011
හ්ම්ම්… එක පැත්තකින් බැලුවොත් අද දවසේ කරපු දේ කොල්ලෙකුට කරන්න පුළුවන් ලොකුම කැත වැඩක් වෙන්න ඇති. ඒත් කිසිම පසුතැවීමක් නෑ.
වෙනදට වැඩිය කලින් අද නිදිමතක් ආව. කරන්න පුළුවන් එකම දේ නිදා ගන්න එකනෙ. ඒක නිසා නිදා ගත්ත. ටික වෙලාවකින් අපේ එකෙක් සින්දුවක් කියාගෙන ඇවිල්ලා මගේ ඇඳට වැටුණා. මටත් මොකක්ද උනේ කියල එක පාරටම හිතාගන්න බැරි උනා. උගේ ලගින් අරක්කු සුවඳකුත් එනවා. මට එක පාරටම අවදි උනා. මම ඌ ගැන දන්න විදියටනම් ඌ ජීවිතේට බීපු නැති එකෙක්. ඒත් අද හොඳටම බීලා. පුදුම තරහක් ආව. මම ජීවිතේට කරපු නැති කරන්නෙත් නැති දෙයක් තමයි, ජීවිතේට බීපු නැති එකෙක්ට පොවන එක. කතා කරල බැලුවහම බීලා තියෙන්නෙත් තනියම. මිනිහෙක් නැති වෙන්න පුළුවන් ලොකුම point එකක් තමයි තනියම බොන්න පුරුදු වෙන එක. මොකක්ද කරන්නෙ කියලවත් හිතාගන්න බැරි උනා. කාමරේ හොයල බලද්දි හදිස්සියකට ගන්න කියල අරගෙන තිබ්බ බෝතලේ හම්බ උනා. මම ඌට “උඹට බොන්නනෙ ඕන. වරෙන් දැන් මාත් එක්කත් බොන්න” කියල ඇදගෙන ගියා. mix කරන්නවත් මොනවත් තිබ්බෙ නෑ. ඒක හින්ද අමුවෙන්ම පටන්ගත්තා. ඌට බෑ කියද්දිත් බලෙන් තියාගෙන පෙවුවා. බාගයක් විතර යද්දි ඌ එතනම කබරයෙක් දැම්මා. චටාස් ගාල අත දිගෑරල කණට දෙකක් දුන්නා. ඊට පස්සේ බාත්ටබ් එක සීතල වතුරෙන් පුරවල ඇදගෙන ගිහින් දැම්මා. සීතල -5 විතර ඇති. වෙරි බහිනකන් හොඳට නෑවෙව්වා. සිහි ආවට පස්සේ ඔක්කොම ටික ඌට කියල සුද්ධ කරා. තවත් ජීවිතේට බොන්න හිතෙන්නෙ නැති වෙන්න එපා කරා. ඊට පස්සෙ ඌව ලඟින් තියාගෙන එහෙම කරේ ඇයි කියල කියලා දුන්නා.
කොල්ලෙක් ලඟින් ආස්‍රය කරාට පස්සෙ ඌ කොයි වගේ කෙනෙක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. කිසිම දෙයක් දරා ගන්න බැරි, පොඩි දේකටත් බයවෙන කෙනෙක් මේකට ඇබ්බැහි උනොත් කොහෙන් නතර වෙයිද කියල හිතා ගන්න බෑ. එත් මම experience එකෙන් දන්නව ඇබ්බැහි වීම කියල දෙයක් නෑ කියල. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ඒත් ඉතින් ඒක කෙනා අනුව depend වෙනවා. මම වැරැද්දක් කියන්නෙ නෑ කොල්ලෙක් experience එක ගන්න බිවුවා කියලා. එත් ඒක කරන්න ඕන වයසක් තියෙනවා. මම නම් හිතන්නේ ඒකට හොදම වයස තමයි අපි වෙන කාගෙන් හරි depend වෙන කාලය. මොකෝ එතකොට ඒවට limit එකක් තියෙනව. සමහරවිට බොන්න සල්ලි නැත්නම් ඒක ඉබේ නැති වෙනවා. ගෙදර යන්න ඕන නම් ඒවගෙ limit තියෙනව. එත් තමන්ම ජොබ් එකක් කරන දවසක තමන්ට සල්ලි තියෙනව. එතකොට හිතුන වෙලාවට ඕන එකක් කරන්න පුළුවන්. No boundaries. ඒක නිසා ඒවගේ වයසකදි බොන්න පුරුදු උනොත් අනිවා ඌ නාස්ති වෙනවා. ඒකයි මම එහෙම කරේ කියල තේරුම් කරල දුන්නා. ඌත් අන්තිමට ඒක පිලිගත්තා. සමහරවිට අද මම කර දේ උගේ පැත්තෙන් වැරදි වෙන්න පුළුවන්. ඒත් පස්සේ මට කවද හරි හිතුනොත් මට මේක කරන්න තිබුණා නේද කියල ඒකෙන් කවදාවත් ගැලවීමක් ලැබෙන්නෙ නෑ. ඒත් අර කවුද කියල තියෙනවලු අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා
.
තවත් එක දවසක්…
January 6, 2011
වෙලාව රෑ 2.30ට විතර ඇති. මේ වෙලාවෙ බස් නෑ කියල හිතුන නිසා ට්‍රෑම් එකක්වත් තියෙනවද කියල බලන්න ඒ පැත්තට ගියා. මොකෙක්වත් පේන්න නෑ. Timetable එකේ විදිහටනම් හරියටම තව විනාඩි 7 කින් ට්‍රෑම් එකක් තියෙන්න ඕන. හීතලේ ගැහි ගැහි තනියම ඉන්නකොට තමයි එපා වෙන්නෙ. හරියටම වෙලාවට ට්‍රෑම් එක ආව. මේක තිබුනෙ නැත්නම් අනිවා මම ගල් වෙලා ඉදීවි.
ට්‍රෑම් එක ඇතුලෙදි අදුරන අයියා කෙනෙක් සෙට් උනා.
“මල්ලි උඹ දැකපු කල්. කොහොමද ඔක්කොම සනීපෙන් ඉන්නවද? කොහොමද ජීවිතේ? දුක නිසා සැපෙන් ඉන්නවද? “
“ඔව් අයියේ… දැන්නම් ඇති කියල හිතෙනවා”
“මම උඹට කලින් කිවුවනෙ ඔක්කොම ඇතෑරල එනකොට. කොහෙද අපිට රැවුල නෑනෙ.”
“හ්ම්ම්”
———————————————————————————————————-
“අයියේ මම ඊලග එකෙන් බහිනවා”
“ඉන්න මල්ලි මමත් එන්නම්”
———————————————————————————————————-
“මල්ලී මේ සිගරට් එක පත්තු කරල ගනින්. මට හිතෙන්නෙ අද -6 ටවත් ඇති. පට්ට හීතලයි”
“මම බොන්නෙ නෑනෙ. අනික අයියේ හීතල නැති කරන්න ඔය අඟල් දෙකකින් පුලුවන්ද? ඕක පිච්චිලා ගියාම ඉවරයිනෙ.”
“යකෝ මේ හීතල නැති කරගන්න මේකවත් කරපන්.උඹලගෙත් thousand talks නෙ තියෙන්නෙ. ඒක නෙමෙයි, මම කියන්න හිටියේ. රෑට එහෙ මෙහෙ යද්දි පරිස්සමින් පලයන්. කල්ලො තමයි ගේම ඉල්ලන්නේ. වැඩිය සල්ලි අරන් එන්නත් එපා. මහ ජරා යක්කු ටිකක්.”
———————————————————————————————————-
“මල්ලී මම ඉස්සරහින් හැරිලා යනවා. උඹ මේ ටික පරිස්සමෙන් පලයන්.”
“හරි අයියේ එහෙනම් පස්සේ සෙට් වෙමු.”
Loading 2011 ███████████████ 100%
January 1, 2011
First post in 2011. Wish all my friends for a very happy year 2011 and wish this year brings you happiness, good health, LOVE and care. And this year also it’s me.
If I looked back at 2010 it was a remarkable year. I have achieved many targets. Completing my degree and transfer to UK was the top milestones. And this year also I have a todo list like others. But no too many. And this year will be a challenging year.
This is the first post I have written for someone. For a good friend. If they can keep secrets, if we can believe in, they become good friends. If I’m correct, friendship is deeper than the love affair. In a friendship we have nothing to hide. Because we know, the friend will never give up us. But in a love affair, we think twice before saying something to other. Because if they misunderstand, they will leave.
We did the difficult part( we means I). I asked about you for a long time ago. But today we became good friends. Moving to a friendship With the feeling in someone, is the hardest part. Because after the feeling, we never see the friend through other. To do that need a good understanding. But we did it. The normal way is, moving from friendship to love affair. That’s why I’m waiting. I don’t know how you will react this. But this is the truth. You asked me for a happy post but I’m sorry if I said something wrong. This is how I feel. Again I’m afraid about loosing you.
P.S.
Thank you very much සොඳුරු සිත for giving me those ideas in the same day.













