මතට තිත

January 22, 2011

මේක මතට තිත ද කොමාව ද කියලනම් දන්නේ නෑ. ඒත් මේක තිත කරගන්න තමයි ඕන උනේ. ගොඩක් කාලෙක ඉඳල කරන්න ඕන වෙලා තිබ්බෙ. ඒත් කරගන්න බැරි උනා. ඒක බැරිකමද උවමනාවක් නැතිකමද දන්නෑ. මොනව උනත් ඔන්න තිත තිබ්බ.

මේක කියපු ගමන් ඔක්කොම ඇහුවේ ඇයි කවුරු හරි කෙල්ලෙක්වත් කිවුවද කියලා. උන්ට කිවුවෙ කෙල්ලෙක් හින්දා බොන එකවත්, බීම නවත්තනව කියන එකවත් තරම් මෝඩකමක් නෑ. අනික මාත් එක්ක ඉඳපු උන් දන්නව අපි මොනවද කරේ කියලා. අපි අර කපුගේ කියන විදිහට නුරා විරහ ගිනි නිවා දමන්න බීපු එවුන් නෙමේ. ගොඩක්ම හේතුව උනේ, පහුගිය post ටිකේම ලියවිලාම තිබුනෙ බීම ගැනමයි. ඉතින් මගේ වෙලාවටම ඔය ටික අක්ක කියවල තිබුණ. අක්ක ඇහුවේ “තමුසේ බීලා අක්මාව දියකරගෙන මැරෙන්නද හදන්නේ” කියලා. අපේ set එක අතරේ කියන කතාවක් තමයි අපි හිතන්නේ අක්මාවෙන් කියන එක. ඉතින් මං බය උනා අක්මාව දිය උනොත් හිතන්න බැරි වෙයි කියලා.

අනික මගේ අදහස තමයි කෙනෙක් මතු පිටින් ආස්‍රය කරනවට වැඩිය ඌත් එක්ක ළගින් ඉදල ඌව තේරුම ගන්න පුළුවන් කියන එක. තේරෙන සින්හලෙන් කියනවනම්  මම ගොඩක් වළවල් වලට බැස්සා. ඒත් මම වළෙන් ගොඩට එන්න එක කඹයක් විතරක් තියාගෙන බැස්සෙ නෑ. මොකෝ මම දැනගෙන හිටියා ඔය කඹේ කපන්න තව දාහක් දෙනා බලාගෙන ඉන්නව කියලා. ඒක නිසා වළකට බහිනවනම් අනිවාර්යයෙන්ම එක කඹයක් විතරක් තියාගෙන බහින්න හදන්න එපා.

මේක බොන එක හරි නොබොන එක සාධාරණීය කරනව නෙමේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ බිවුවොත් ජීවත් වෙලා ඉන්න තියෙන කාලය අඩු වෙනව කියලා. මම නම් ඒක දන්නේ නෑ. එත් මගේ අදහස මේකයි. අපි පාරෙ යද්දි වාහනවලින් අනතුරක් වෙනව කියලා වාහන පදවන එක නවත්තන්නෙවත් පාරේ යන එක නවත්තන්නෙවත් නෑනෙ.  :P

අර ඉස්සර කවුද කියලා තිබුනනෙ

සුරාවේ අගයත්
එහි ඇති මනා ගුණයත්
බොන උතුමෝ මිසක්
නොබොන *** එවුන් නොදනිත්   කියලා.

අනික මේකනම් කවුරු කිවුවත් සහතික ඇත්ත. Perfect boyfriend doesn’t drink, doesn’t smoke, doesn’t cheat on his girlfriend… and doesn’t exist .

දැන් ඔන්න මම මේකෙන් බොන්න උල්පන්දම් දෙනවා කියලා තේරුම් ගන්න එපා. මම කවදාවත් බොන එක හොදයි, බොන්නෙ නැති එක හොදයි කියල කියන්නෙ නෑ. මම නම් කියන්නේ live in your own world කියලා.

Advertisement

2 Responses to “මතට තිත”

  1. udanajeewantha Says:

    මේක “බාර ගන්නෙත් නෑ ප්‍රතික්ශේප කරන්නෙත් නෑ” වගේ කතාවක්නේ :P


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.