A/L වලින් පස්සේ ආයෙත් වලියක

February 4, 2011

ඊයෙ රෑ shift එක ඉවර වෙලා එද්දි අපේ team leader කාරයටත් අපිත් එක්ක එන්න ඕන කියල ඌ එනකම් පොඩ්ඩක් ඉන්න කියල කිවුවා. මෙහේ උන්ට කැමති උන් managing level එකේ කෙනෙක් විදිහට ජීවත් වෙන්නෙ වැඩ කරන වෙලාවට විතරයි. ඊට පස්සේ උන් නිකම්ම මිනිහෙක් විතරයි. නැත්නම් අපි වගේ junior එවුන් එක්ක කතා කර කර යන්න එන්නෙ නෑනෙ.

බස් එකේදි උගේ දා හතර වෙනි girl friend ගැනයි අනිත් එවුන් එක්ක කරපු ඒවයි ඔක්කොම කියවන්න පටන් ගත්ත. ඔය ඔක්කොම අපිට ඉස්සරහින් ඉදපු එකෙක් අහගෙන . ඒත් කරන්න දෙයක් නෑනෙ. ඕන දෙයක් කතා කරන්න පුළුවන්නෙ. අර කතා කිරීමේ නිදහස ද මොකක්ද කියන්නෙ :) . හැබැයි ඔය කතා කරපු දේවල් ලංකාවෙ බස් එකක කතා කරානම් අනිත් මිනිස්සු අපිට ගහල බස්සල.  ඒත් අර මෑන්ට ඒවට තද වෙලා. අපේ team leader කාරයගෙන් ගේම ඉල්ලුව. අපේ එකත් second වෙන්නෙ නෑ. එත් අපි තුන් දෙනා පැනල දෙන්නව දෙපැත්තකට ඇදල දාල cool down කරා. හිටියෙ මමයි, ඩොනයි, පොල් බබයි. මුන් දෙන්නම මෙහෙ සුද්දො දෙන්නෙක්. අපේ කාරය ඇගේ size එකෙන්නම් අරූට වැඩිය පොඩියි. දැන් මුන් දෙන්න හොදටම බැණ ගන්නව හොදටම. බැරිම තැන driver බස් එක නවත්තල අපි දෙගොල්ලගෙන් කාට හරි බැහැල යන්න කිවුව. අපි කිවුව අපි බහින්නම් කියල අපේ එකත් ඇදගෙන බැස්සා. මොකෝ අපි බහින තැනට තව තිබුනෙ 1km විතර. අපි බහිනව කිවුවට පස්සෙ අරූටත් බහින්න ඕන කිවුවා. එත් අනිත් මිනිස්සු ඌට බහින්න නොදී තියාගත්තා. අපි ටික දුරක් ඇවිදගෙන යද්දි අරූත් ඉස්සරහ halt එකෙන් බැහැල දුවගෙන එනවා අපේ එකාට ගහන්න. ඒක දැකපු අපේ එකත් දුවගෙන යනව ගහගන්න. ඕන එකක් කියලා අපිත් උන්ට ගහගන්න දුන්න. එත් අරූගෙ අතේ තිබ්බ යතුරකින් ගහපු පාරක් අපේ team leader කාරයගෙ මූණට වැදිලා ඌ මූණ අල්ලගෙන බිම වැටුනා. ඊට පස්සෙ අපේ එකාට බිම දාගෙන ගහනවා. බලන් ඉන්න බෑනෙ. අපි පැනපු ගමන් හොදටම නෙලන්න පටන් ගත්තා. පාරෙ යන set එකක් ඇවිල්ලා අපිව ඇදලා දානකම්ම ගැහුවා. අරූගෙ ඔළුව පැලිලා. මූණ ඉදිමිලා ලේ එනවා. අපි අපේ එකාවත් ඇදගෙන ඉක්මණට එතනින් මාරු උනා.

ප්‍රශ්නෙ පටන් ගන්නෙ දැන්. හදිස්සියෙවත් අරූ පොලිසියෙ complain එකක්වත් දැම්මොත් අපි ඉවරයි. මොකෝ වුන ඔක්කොම දේවල් CCTVවල record වෙලා තියෙනවනෙ. බස් එකේ කොහොමත් record වෙනවා. බලමු team leader කාරය කිවුවා මොනව හරි උනොත් ඌ ඒවා බලාගන්නම් කියලා. ඌ එහෙම කිවුවට පොලිසියෙන් අපිව අරන් ගියොත් මොනව කරන්නද? කොහොමද මෙහේ පොලිසියක ඉන්නකොට දැනෙන සැප.

Advertisement

One Response to “A/L වලින් පස්සේ ආයෙත් වලියක”

  1. MaLsHaN Says:

    hak hak kattiyata hireta wela sepata inna puluwan wei..Lankawe wage nemeine ohe maara සැප


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.